
කඩුගන්නාවේ ගල විදපු තැන නාය යාමක්: වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ..
කඩුගන්නාවේ ගල විදපු තැන නාය යාමක්: වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ..
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st): කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති නායයාම නිසා මේ වනවිට රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා වී තිබේ.
ඒ හේතුවෙන්, කඩුගන්නාවේ ගල විදපු ස්ථානයේ පැරණි ගල් බිංගය ද සැහැල්ලු වාහන ධාවනය සඳහා මේ වනවිට විවෘත කර තිබේ.
ඒ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණිනි.
මෙම නායයාම ඊයේ(08) රාත්‍රියේ සිදුවිය.
එම නායයාම සිදුව තිබෙන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගල විදපු ස්ථානයේ පැරණි ගල් බිංගය මගහැර යාමට ඉදිකර ඇති මාර්ග කොටසේය.
බස් රථ සහ ලොරි ඇතුළු සියලු බර වාහන නාය ගිය ස්ථානයේ රථවාහන ධාවනය වන මංතීරුවෙන් ගමන් කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.
- මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක්
- 2022 සා/පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම හෙට සිට ඇරඹේ..
- ගල්කිස්සේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ..
- රජය ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් උල්ලංඝණය කරනවා: නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම ගැනත් චෝදනා..- මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයෙන් වාර්තාවක්
- බංග්ලාදේශයට IMF ණය පහසුකමේ පළමු වාරිකය මුදා හැරේ..
- ජූලි 09 වැනිදා පහරදීම: නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට..
- රජයේ වියදම් තවදුරටත් සීමා කර ගත යුතුයි – ජනපති
- අනුරුද්ධ බණ්ඩාරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට
- ” සේවාදායකයා ප්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම්…” සේපාල් අමරසිංහගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි
- බොරැල්ල වකුගඩු ජාවාරමේ තැරැව්කරුට ඇප..