by Staff Writer . 07-11-2021 | 11:22 PM
COLOMBO (NEWS1ST): හබරණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හුරුළු වනෝද්‍යානය හෙවත් එකෝ පාර්ක් උද්‍යානට නැරඹීමට ගිය පිරිසක් රැගත් සෆාරි ජීප් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි තිබේ.
අනතුර සිදුව තිබුනේ සෆාරි ජීප් රථය පිටුපස වන අලියෙකු හඹා ඒමත් සමගයි.
පන්නිපිටිය , මාතර සහ දෙව්නුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 11 දෙනෙකු අද පස්වරුවේ වන උද්‍යානය නැරඹීම සඳහා හබරණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හුරුළු වනෝද්‍යානයට පැමිණ තිබිණ.
එහිදී පිරිස ගමන් ගත් සෆාරි ජීප් රථය පසු පස වන අලියෙකු පන්නා ඇති අතර රථය වේගයෙන් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී එය පෙරළී ඇති බව හබරණ පොලීසිය පවසයි.
අනුතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු හබරණ රෝහලට ඇතළත් කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 08 දෙනෙකු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.