by Staff writer 07-11-2021 | 4:18 PM
COLOMBO (NEWS1ST) : පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා සිටින අතර එක් අයෙකු අතුරුන්ව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවතින වර්ෂාව හේතුවෙන් පවුල් 1,143ක පුද්ගලයින් 4,391 ක් පීඩාවට පත්ව ඇති බවය.
එමෙන්ම නිවාස 635 කට අර්ධ හානි ද, නිවාස 12කට පූර්ණ හානි ද සිදුව තිබේ.
ආරක්ෂිත ස්ථාන 09 ක පුද්ගලයින් 257ක් මේ වනවිට රඳවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ ය.