චීන පොහොර නැවේ අපනයනකරුගෙන්  ප්‍රකාශයක්

පරීක්ෂණ ප්‍රතිඵල සාවද්‍ය ලෙස ප්‍රචාරය කරන මාධ්‍යවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට අයිතියක් තියෙනවා..- චීන පොහොර තොගයේ අපනයනකරු

by Staff writer 07-11-2021 | 10:10 PM

COLOMBO (NEWS1ST) : ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගයේ අපනයනකරුවන චින්ඩාවෝ සීවින් මතභේදාත්මක පොහොර නැවේ සිදුවීම සම්බන්ධයෙන් කළ දින රහිත පැහැදිලි කිරීමක් අද News 1st වෙත ලැබී තිබේ.

විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල උල්ලංඝණය කරමින් පරීක්ෂණ වාර්තා නිකුත් කරන පාර්ශ්වයට සහ පරීක්ෂණ ප්‍රතිඵල සාවද්‍ය ලෙස ප්‍රචාරය කරන මාධ්‍යවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට අයිතියක් ඇති බව චින්ඩොවෝ සීවින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් ය. "ශ්‍රී ලංකාව ගිවිසුම්වලට ගරු නොකිරීම සහ එහි ජනතාව නොමඟ යැවීම තේරුම්ගත නොහැකි බව මෙම නිවේදනයේ සඳහන් ය. චින්ඩාවෝ සීවින් බයෝටෙක් සිය නිවේදනයේ සඳහන් කරන්නේ "චීන සමාගමක් ශ්‍රී ලංකාවට හානිකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර අපනයනය කළ බවට වන අසත්‍ය වාර්තාව සත්‍යය නොදන්නා බොහෝ මිනිසුන් සහ පාරිභෝගිකයින් නොමග යවා අපනයන ව්‍යවසායන් තුළ සාධාරණ වෙළඳාමට විශාල බාධාවක්" කර ඇති බවයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, ජාතික ශාක නිරෝධායන බලධාරීන් කළ අනාවරණය සහ මාධ්‍ය වාර්තා අනුව නිෂ්පාදනවල අර්විනියා අඩංගු බවට වූ වාර්තා අසත්‍ය බවයි. සෙල්සියස් අංශක 600 උෂ්ණත්වයකට මිනිත්තු 20ක වන්ධ්‍යාකරණ ක්‍රියාවලියකින් ලක්කෙරෙන මෙම කාබනික පොහොරවල කිසිදු ආකාරයක අර්වීනියා බැක්ටීරියා පැවතිය නොහැකි බව මෙම පැහැදිලි කිරීමේ වැඩිදුරටත් සඳහන් වෙයි. https://youtu.be/cbPtFxfJVI8