by Sagarika Chathumali 07-11-2021 | 10:06 PM
COLOMBO (NEWS1ST): හෙට (08) සවස් කාලයේ සිට නැවත දැනුම් දෙන තුරු ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී සිටී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තද වැසි සමග විටින් විට තද සුළං ඇති විය හැකි බවයි.
ඉදිරි පැය 24 තුළ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව ත් එය තවදුරටත් වාර්ධනය වෙමින් මෙරට උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවත් කාලගුණ නිවේදනයේ සඳහන් ය.