චීන පොහොර අපනයනකරුගෙන් එන්තරවාසියක්

චීන පොහොර නැවේ අපනයනකරුගෙන් ජාතික ශාක නිරෝධායන ආයතනයට එන්තරවාසියක්

by Staff Writer . 07-11-2021 | 10:22 PM

COLOMBO (NEWS1ST): ආන්දෝලනාත්මක චීන පොහොර නැවේ අපනයනකරු වන චින්ඩාවෝ සීවින් බයෝ ටෙක් සමාගම විසින් ජාතික ශාඛ නිරෝධායන ආයතනයට එන්තර වාසියක් යවා තිබේ.

අදාළ එන්තර වාසිය චින්ඩාවෝ සීවින් බයෝටෙක් ආයතනය නිව්ස් ෆස්ට් වෙත එවා තිබේ. එහි දැක්වෙන්නේ ජාතික ශාඛ නිරෝධායන ආයතනයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය සහ අසත්‍ය වාර්තා හේතුවෙන් තමන්ට ඩොලර් මිලියන අටක අලාභයක් සිදුව ඇති බවයි. මෙම එන්තර වාසියෙන් චින්ඩාවෝ සමාගම දන්වා ඇත්තේ එන්තර වාසිය ලැබී දින තුනක් ඇතුළත තමන්ට මෙම අලාභය ගෙවිය යුතු බවටයි. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තද සිග්වා මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු පැවසුවේ එවැනි එන්තර වාසියක් තවමත් ලැබී නොමැති බවයි.