''හොරු රටට හෙළි කරන එක, ලිට්රෝ සභාපතිගේ වගකීම''

''හොරු රටට හෙළි කරන එක, ලිට්රෝ සභාපතිගේ වගකීම''- විජිත හේරත්

by Staff Writer . 06-11-2021 | 9:35 PM

COLOMBO (NEWS1ST):  ගෑස් මිලදී ගන්න ජනතාවට පෝළිම්වල ඉන්න සිදුවූයේ ඇයි ?

ඊට හේතුව ඩොලර් හිඟය බව මුල් අවස්ථාවේදී ආණ්ඩුවේ ගෑස් සමාගම ප්‍රකාශ කළ ද ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ (05) අනාවරණ කළේ ගෑස් වෙළඳපොළේ ආශ්‍රිතව ක්‍රියාත්මක වන මාෆියාවක් ඊට හේතුවූ බවයි.
''ගෑස් නැව මෙතනට ඇවිල්ලා තිබ්බා. ඔවුන් අපට තර්ජනය කරා. ගෑස් දෙන්න බැහැ. උඹලා මේ contract එක තව අවුරුදු දෙකකට දික් කරන්නෙ නැත්නම් කියලා. ඒකට අකමැති වීම නිසා, එය තර්ජනයට මුහුණදීම නිසා සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා, මට සිද්ධ වුණා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙන කල් කෙසේ හෝ මේ තත්ත්වය සමනය කරගන්න''
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කර සිටින්නේ, ලිට්රෝ සභාපතිවරයා පවසන ආකාරයට ජනතාව අපහසුතාවයට පත්කරමින් වෙළඳපොළේ ගෑස් හිඟයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයින් කවුරුන් ද යන්න රටට හෙළිදරව් කිරීම සභාපතිවරයාගේ වගකීම බවයි.
''දැන් ප්‍රශ්නය තියන්නේ කවුද මේ හොරකම් කරන්නේ. කවුද මේ පිටිපස්සේ ඉන්නේ. ඇමතිවරයාද රාජ්‍ය ඇමතිවරයා ද නැත්නම් ඊටත් ඉහළින් කවුරු හරිද මේ හොරකම් පිටිපස්සේ ඉන්නේ. එහෙම නිකන් පාවෙන කතා කියලා හරියන්නේ නැහැ''
ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කර සිටින්නේ, කාගේ බලපෑමට ද මේවා සිද්ද වෙන්නේ කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. මීට අදාළ තොරතුරු සොයා ගත් වහාම ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.
''ඒ අවශ්‍ය කරන තොරතුරු ලියකියවිලි හොයා ගත්ත ගමන් ඒකට අවශ්‍ය කරන නීති පියවර ගන්න අපි අනිවාර්යයෙන්ම මැදිහත්වෙනවා. ප්‍රශ්නය තියන්නේ ආණ්ඩුවල දේශපාලන හයියෙන් මේ හොරකම් වංචා යට කරනවා. ලිට්රෝ ගෑස් පිටිපස්සේ තියන ඔය කියන හොරකමක් යට වෙන්න පුළුවන් මොකද හොරු රකින්නෙත් මේ කට්ටිය''