සිමෙන්ති මිල යළි ඉහළට..

සිමෙන්ති මිල යළි ඉහළට..

by Staff writer 06-11-2021 | 5:46 PM

COLOMBO (NEWS1ST):  සිමෙන්ති මිල යළි ඉහළ දමා තිබේ.

ඉන්සි සමාගම සඳහන් කළේ, සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,275 ක් වන බවය. ඒ අනුව, සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 177 කින් ය. මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල ඉහළ නංවනු ලැබුවේ රුපියල් 1098 ක් දක්වායි. මේ අතර සෙසු සමාගම් ද සිමෙන්ති මිල ගණන් ඉහළ දමා තිබේ . නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ටෝකියෝ සිමෙන්ති සමාගම සඳහන් කළේ, තමන්ද සිමෙන්ති කොට්ටයක් රු.1,275කට අලෙවි කරන බවයි. සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල පසුගිය මස 08 වැනිදා ඉවත් කිරීමට රජය පියවර ගත්තේ ය. පසුගියදා 02 වැනිදා මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිමෙන්ති ආනයනකරුවන් කියා සිටියේ වෙළෙඳපොළේ දැනට පවතින සිමෙන්ති හිඟය මාසයකින් පමණ සමනය වනු ඇති බවයි.