''මේ දෙසැම්බරයේ එන පොට හොඳ නැහැ''

''මේ දෙසැම්බරයේ එන පොට හොඳ නැහැ'' - චන්න ජයසුමන

by Staff Writer . 06-11-2021 | 8:14 PM

COLOMBO (NEWS1ST):  ලොව පුමුඛ පෙළේ කොවිඩ් එන්නත් කිහිපයක ඵලදායිතාව මාස 06 කදී ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවට හෙළිව ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එන්නත්වල ඵලදායිතාව පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති පර්යේෂණයක ප්‍රතිඵල ඇතුළත් ලෝක ප්‍රකට සයන්ස් සඟරාව උපුටා දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේ ය. ඵලදායිතාව අඩුව ඇති බවට අනාවරණය වූ එන්නත් මොනවා ද ?
''මේ පර්යේෂණයට අනුව මාර්තු මාසයේදී 89% ක් වුණ, ෆයිසර් එන්නතේ ඵලදායිතාවය 58% දක්වා අඩු වෙලා තියනවා. ඒත් එක්කම මාර්තු මාසයේදී 87% වෙච්ච මොඩර්නා එන්නතේ ආරක්ෂාකාරී බව 43% දක්වා අඩු වෙලා තියනවා. ඒ වගේම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත 86% ක ආරක්ෂාවක් ලැබෙනවා කියලා, එය 13% දක්වා අඩුවෙලා තියනවා''
රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ  අනුගමනය කරමින්  වඩාත් ප්‍රවේසමකින් කටයුතු කළ යුතුව ඇති බවයි.
''එළඹෙන දෙසැම්බර් මාසේ වෙනකොට අපිට නැවතත් අගෝස්තු මාසයක් උදාකරගන්න අවශ්‍ය නැහැ. බරපතළ ලෙස ආයාචනය කරනවා. මුහුණු ආවරණ පළඳින්න. එකිනෙකා අතර පරතරය තියාගන්න. පරිස්සම් වෙන්න කියන කාරණය. මොකද ලෝකයේ තියන ප්‍රවණතා පිළිබවඳ අපි අවධානයෙන් ඉන්නෙ, මේ දෙසැම්බරයේ එනපොට හොඳ නැහැ කියලයි මේ පර්යේෂණ දත්තවලින් පෙන්නුම් කරන්නේ''