විප්ලවීය වෙනස කළොත් ගොඩක් අයට රිදෙයි - ජනපති

by Staff writer 06-11-2021 | 5:43 PM

COLOMBO (NEWS1ST): සෞභාග්‍යයේ මං පෙත් විප්ලවය යටතේ වැඩ නිම කළ මාර්ග 1500 ක් එකම දිනක දී විවෘත කිරීමේ ජාතික උත්සවය වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේ දී අද (06) පස්වරුවේ පැවැත්විය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපර්ට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩ නිම කළ මාර්ග 1500 ක් අද මෙලෙස විවෘත කෙරිණ. ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සභාපති හාර්ට්විග් ෂෙෆර් වික්ෂේපර් ඇතුළු මහත්මීහු එක්ව සිටියහ. කොවිඩ් සමග රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා උත්සවය අමතමින් අදහස් පළ කළේ ය.