by Staff Writer . 05-11-2021 | 12:53 PM
COLOMBO (NEWS1ST): විශ්‍රාම වැටුපෙන් මුදලක් මාසිකව කපාගෙන සියලු විශ්‍රාමිකයන්ට අග්‍රහාර විශ්‍රාම ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
අදාළ රක්ෂණ ක්‍රමයට විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගැනීම ආරම්භ වුණේ පසුගිය පළමුවැනිදා සිටයි.
ඒ අනුව අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයන්ගෙන් මාසිකව රුපියල් 400ක් අය කර ගනු ඇති.
අවුරුදු 70 ට වැඩි විශ්‍රාමිකයන්ගෙන් අයකරන වාරිකය රුපියල් 600 කි.
මෙම රක්ෂණ ක්‍රමයට අකමැති, 2016 ජනවාරි පළවෙනිදාට පෙර විශ්‍රාම ගත් අයට ,ඔක්තෝබර් 29 සිට සති දෙකක් තුළ සිය අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ වෙත ලිඛිතව දැනුම් දිය හැකියි .
මේ කාලය තුළ ප්‍රතිචාර නොදක්වන්නේ නම් කැමැත්ත පළ කළා සේ සලකා වැටුපෙන් මුදල් කපා ගැනීම සිදු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් ය.
සති දෙකකට පසු එවන අකමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි ද වලංගු නොවනු ඇති.
මෙම විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රජය පවසන්නේ රාජ්‍ය සේවකයන්ට හිමිව තිබූ අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමය පුළුල් කරමින් විශ්‍රාමිකයන්ට ද එම අවස්ථාව ලබාදුන් බවයි .