පළාත් රැසකට තවදුරටත් වැසි

වාරි ජලාශ 30ක ජල ධාරිතාව 80% ඉක්මවයි

by Staff Writer . 05-11-2021 | 1:16 PM

COLOMBO (NEWS1ST):  වාරි ජලාශ 73 න් ජලාශ 30 ජල ධාරිතාව 80% සීමාවට ළඟා වී ඇති බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉන්ජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, මේ වන විට රාජාංගනය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවයි. මේ අතර, උදෑසන 8.30 න් අවසන් වු ගත වූ 24 කාලය තුළ වැඩිම වර්ෂාපතනය මුලතිව් උදයාරූකට්ටු ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම අගය මිලිමීටර් 80 කි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගාල්ල දිවිතුර වත්ත ප්‍රදේශයට මිලිමීටර් 75.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. කෑගල්ල මොණරවි ප්‍රදේශයට එම කාලසීමාව තුළ ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 75.3 කි. මේ අතර, අදත් බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. මේ අතර, අධික වැසි තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 07 ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් බලාත්මක බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.