චීන නැවේ පොහොර ප්‍රතික්ෂේප කළේ ඇයි?

චීන නැවේ පොහොර ප්‍රතික්ෂේප කළේ ඇයි? වාර්තාවක් චීන තානාපති කාර්යාලයට

by Staff Writer . 05-11-2021 | 11:05 AM

COLOMBO (NEWS1ST):  ආන්දෝලනාත්මක චීන කාබනික පොහොර අඩංගු නෞකාවේ ඇති පොහොර ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සහිත වාර්තාවක් චීන තානාපති කාර්යාලයට ලබා දීමට තීරණය කර තිබේ.

එම වාර්තාව ලබාදීමට තීරණය කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් විසිනි. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසුවේ, අදාළ ඇණවුම සිදුකළ යුතු ආකාරය, නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම මත පොහොර ප්‍රතික්ෂේප කිරිම ඇතුළු කරුණු ඇතුළත් කරමින් අදාළ වාර්තාව ලබා දීමට නියමිත බවයි. සකස් කෙරෙන වාර්තාව වගකිව යුතු සෙසු ආයතනවලට ද නිකුත් කිරීමට තීරණය කර ඇතැයි, අමාත්‍යාංශ ලේකම්වරයා පැවසී ය. ඔහු සඳහන් කළේ, අද දවස තුළ එම වාර්තාව භාරදීමට අපේක්ෂා කරන බවයි. අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පොහොර තොගය ඇනවුම් කිරීම ඇතුළු කටයුතු විධිමත්ව සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, මතුව ඇති තත්ත්වය සලකා මෙලෙස සම්පුර්ණ වාර්තාවක් සකස් කර, චීන තානාපති කාර්යාලය ඇතුළු අදාළ පාර්ශව වෙත නිකුත් කරන බව, ඔහු අවධාරණය කළේ ය.