by Sagarika Chathumali 05-11-2021 | 1:28 PM
COLOMBO (NEWS1ST): සපුගස්කන්ද වී මෝල හන්දියේ කසල ගොඩක ගමන් මල්ලක බහා තිබියදී ඊයේ සොයාගත් කාන්තා මළ සිරුර 42 හැවිරිදි පාතිමා මුන්ටාස් නමැති දෙදරු මවගේ බව හඳුනා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාවගේ සිරුර ඇගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් විසින් හඳුනා ගනු ලැබ ඇති බවයි.
මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි මෙම කාන්තාව ඝාතනය කර ගමන් බෑගයේ දමන්නට ඇතැයි, පොලීසිය සැක කරයි.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා පසුගිය 28 වැනිදා තම බිරිඳ අතුරුදන්ව ඇති බවට බ්ලුමැන්ඩල් පොලීසියට පැමිණිල්ලක් ද කර තිබිණ.
පොලීසිය පවසන්නේ ඇය තවත් කාන්තාවක සමග සමග ත්‍රිරෝද රථයක නැග ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
කාන්තාව ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සපුගස්කන්ද, මාබිම පාර අසල කසල ගොඩක ගමන් මල්ලක් තුළ දමා තිබියදී ඊයේ (04) මෙම මළ සිරුර හමුවිය.
ඊයේ (04) විකාශය වූ දර්ශන පහතින්..
https://www.youtube.com/watch?v=EKHz0lWVwkE