අද (5) කොරෝනා ආසාදිතයින් 600 පනී... ‍ මරණ 15 ක්

අද (5) කොරෝනා ආසාදිතයින් 600 පනී... ‍ මරණ 15 ක්

by Sagarika Chathumali 05-11-2021 | 10:33 PM
COLOMBO (NEWS1ST): අද (05)  දිනයේ නව කොරෝනා අසාදිතයින් 628 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 15 ක් වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,821 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 09 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 6 දෙනා පිරිමි ආසාදිතයින් ය. මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 2 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 13 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (05) වාර්තා කරන ලද මෙම මරණ 15 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.