by Staff Writer . 05-11-2021 | 9:35 PM
COLOMBO (NEWS1ST): දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්වයත් සමග ඇතිවු ආපදාවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 05 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 4364 ක් බවයි.
රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, මහනුවර, මුලතිව්, යාපනය, මන්නාරම, බදුල්ල , පුත්තලම ,කොළඹ , ගාල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අධික වැසි සහිත කාලගුණයෙන් බලපෑම් එල්ලවී තිබේ.
ආරක්ෂිත කඳවුරු 09 ක රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 251 කි.
පස් කඳු කඩා වැටීම් හා දැඩි සුළං හේතුවෙන් නිවාස 12 කට පුර්ණ හානි සිදුව ඇති අතර නිවාස 630 කට අර්ධ හානි සිදුව තිබේ.
මේ අතර ජලාශ කිහිපයක වාං දොරටු තවදුරටත් විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 06 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අද පස්වරුවේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බවයි.
තවදුරටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.