
ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතකින් T20 ලෝක කුසලානය අවසන් කරයි
ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතකින් T20 ලෝක කුසලානය අවසන් කරයි
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක් හිමිවිය.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සහභාගි වූ අවසන් තරගය වේ.
සුපිරි 12 දෙනොගේ වටයේ තරග 5න් තරග 2ක් ශ්‍රී ලංකාව ජයගත් අතර තරග 03ක් පරාජය වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩාම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් බිඳවැටී ලකුණු 189ක් ලබා ගත්තේය
අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 40 මුහුණ දෙමින් ලකුණු 68 ලබා ගැනීමට සමත් විය .
පැතුම් නිෂ්ශංක පන්දු 41 කදී ලකුණු 51 ලබා ගත්තේය.
ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් බිඳවැටී ලබාගත හැකි වූයේ ලකුණු 169ක් පමණි.
හෙඩ්මයර් පන්දු 53 තුළ ලකුණු 81 ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමෙමේදී වනිඳු හසරංග, බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න කඩුලු 02 බැගින් දවා ගත්තේය.
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි
- ඉල්ලන ඕනෑම අවස්ථාවක තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වන්න ශ්‍රී ලංකාවත් සූදානම්
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී