COLOMBO (NEWS1ST): සිරිල් ගාමිණි පියතුමා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු අයිතියක් නැතැයි, සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී, මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටී.
අද (04) මාධ්‍ය හමුවක් කැඳවමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ, සිරිල් ගාමිණි පියතුමාට එරෙහිව කිසිදු හෝ පියවරක් ගත හොත් ඊට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන බවයි.
''කොහොමද මේ ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තුවේ කියපු දෙයක් සම්බන්ධයෙන් පල්ලියේ පියතුමෙක් ගෙනල්ලා අත්අඩංගුවට ගන්න කියලා, කියන්න තරම් මේ රටේ බුද්ධි අංශ ප්‍රධානියා චණ්ඩියෙකු වෙලා තියනවා. එයා මොලෙන් ගහන කෙනෙක් හැබැයි අපේ පියතුමාට අත තියන්න අවොත් ඒ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම පාරට බහිනවා විතරක් නෙවේයි දිවි හිමියෙන් සටන් කරනවා''
තවද මීට විරෝධය පළ කරීම සඳහා ලබන සඳුදා දැවැන්ත උද්ඝෝෂණයක් ද ක්‍රියාත්මක කරන බව ද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
''ඒ මහත්තයාට ආරක්ෂාවක් ඇති එතුමගේ ඉන්න ජනාධිපතිගෙන් හැබැයි ඒ ජනාධිපතිලා තාවකාලිකයි කියලා ඒ මහත්තයාත් තේරුම් ගන්න ඕන. අපි බහිනවා එළියට මොළ 07 මහත්තයායි, බුද්ධියේ මහත්තයායි. බුද්ධියේ මහත්තයාගේ බොසයි. ඔක්කොම එන්න අපි ජනාතාවත් එකක් හැප්පිලා බලමු මොකක්ද වෙන්නේ කියලා''
මෙහිදී ඉදිරියේදී පැවැත්වෙන බවට ඉඟි පළ වන පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය සූදානම් දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු එතුමාගෙන් විමසා සිටියේ ය.
පිළිතුර (හරීන් ප්‍රනාන්දු): - උඩින් ලෑස්තියි. ගෙන්න පුළුවන්නම් අභියෝග කරනවා. ජනවාරි මාසේ පළාත් සභා ඡන්දේ ගෙන්න අපි පෙන්නන්නම් අපේ බලය මොකක්ද කියන එක. මගේ මොළ හතේ අංකල්ට මම ඉල්ලීමක් කරනවා. පුළුවන් නම්, ජනවාරි මාසේ බස්නාහිර පළාත විතරක් තියලා පෙන්නන්න කියන ඉල්ලීම කරනවා.