COLOMBO (NEWS1ST): විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බහැ දුටුවේ ය.
අගරදගුරු හිමිපාණන් බැහැදැකීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ, තමන් සහ අගරදගුරුතුමා සහ කතෝලික ප්‍රජාව අතර සම්බන්ධතාව පිළිබඳව දේශපාලනඥයින් සුළු පිරිසක් තුළ ඊර්ෂ්‍යාවක් හටගෙන ඇති බවයි.
තමන් කිතුණු ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ යැයි ඉස්මතු කිරීමට දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත්
අද දිනයේ කාදිනල් හිමිපාණන් මුණ ගැසී එම විෂ කුමන්ත්‍රණය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළ බව ත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.
''විශේෂයෙන්ම හරීන් ප්‍රනාන්දු මැතිතුමාත්, මනුෂ නානායක්කාර මැතිතුමාත් පාස්තු ප්‍රහාරය පිළිබඳ තොරතුරු එළි දැක්වීමේදී මම ඒ අයට අවස්ථාව ලබා නොදුන්නයි කියන කාරණාව බොරුවට ගොතලා රටට ඉදිරිපත් කරන්නට වුණා. ඒක සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. ඒ මන්ද හරීන් ප්‍රනාන්දු මැතිතුමාටත් මනූෂ නානයක්කාර මැතිතුමාටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ඒ සියලුම තොරතුරු රටට ඉදිරිපත් කරන්නට ප්‍රමුඛත්වය, අවස්ථාව, ඒ මුල් තැන පළවෙනි තැන ලබා දුන්නේ මමයි''
තවද තමන් බුද්ධි අංශ ප්‍රධානීයාගේ උපදෙස් මත කටයුතු කරන විපක්ෂ නායකයෙකු යැයි, තවත් කතාවක් ගෙතමින් ඇති බව ද සඳහන් කළ විපක්ෂ නායකවරයා ඊට දමෙලස පිළිතුරු දුන්නේ ය.
''මම පැහැදිලිව කියන්නට ඕන මම ඔහුගෙන් හෝ වෙනත් අයගෙන් උපදෙස් අරගෙන ක්‍රියාත්මක කරන දේශපාලනයක් මට නම් පුරුදුත් නෑ. මම එහෙම කරන්නෙත් නෑ. එවා හිටපු ඇත්තොන්ට එවා පුරුදු ඇති. මගේ නම් එහෙම පුරුද්දක් නැතෙයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා''