ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා යළිත්

ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා නොවැම්බර් 29 වැනිදා සිට

by Staff Writer . 04-11-2021 | 10:57 AM

COLOMBO (News 1st) - ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා නොවැම්බර් 29 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි යුරෝපා සංගමය සඳහන් කළේ ය .

න්‍යෂ්ටික සාකච්ජා ඇරඹීමට සූදානම් කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නුවරදීය. යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා මෙහි මුලසුන හෙබවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය . යුරෝපා සංගමය නිවේදනය කළේ අමෙරිකාව ඇතුළු බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ඉරානය වැනි රටවල් මෙම සාකච්ජාවට සහභාගී වීමට නියමිත බවය.