සහල් ආනයන බද්ද ශත 25 දක්වා පහත දමයි

රුපියල් 65 ක් වූ සහල් ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

by Sagarika Chathumali 04-11-2021 | 7:55 AM

COLOMBO (NEWS1ST): ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර තිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම බදු අඩු කිරීම සිදු කර ඇති අතරෙ බදු අඩු කිරීමේ මාස 6 ක කාලය බලපැවැත්වෙන්නේ, නොවැම්බර් 02 වනදා සිටයි.