.webp)
නැනෝ රජා අපේ රටට ගෙන්වීමට පෙර ප්‍රමිතිය පරීක්ෂා කර බැලුවා ද?
ශ්‍රී ලංකාවට ඕනෑම පොහොර වර්ගයක් ගෙන ඒමේදී එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු නිල ලත් ආයතය වන්නේ ශ්‍රී ලංකා පොහොර ලේකම් කාර්යාලයයි. එම කාර්යාලයෙන් අප කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ, මෙම නැනෝ පොහොරවල සංයුතිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශයන්ට අනුකූල දැයි බියුරෝ වෙරිටාස් නමැති ජාත්‍යන්තර පුද්ගලික පරීක්ෂණ ආයතනයකින් පරීක්ෂා කළ බවයි. ඒ අනුව දියර පොහොර කිලෝ ග්‍රෑම් එකක නයිට්‍රජන් මිලිග්‍රෑම් 4.3 ක් සහ ක්‍රොමියම් නමැති බැර ලෝහය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුකූලව පවතින බව ද ඔවුහු ප්‍රකාශ කළහ. නමුත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අප මේ පිළිබඳව කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ, නැනෝ නයිට්‍රජන් දියර පොහොර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිති තත්ත්වයක් නිකුත් කර නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් ලැබුණු ඉල්ලීමට අනුව ප්‍රමිති ආයතනය කමිටුවක් පත්කර තිබේ. නමුත් එම කමිටුව පසුගිය 14 වෙනිදා රැස්වී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ලෝකයේ ද මේ සම්බන්ධයෙන් ප්‍රමිතියක් නොමැති බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසන්නේ, SLS සහතිකය ගැනීම අනිවාර්ය දෙයක් නොවන බවයි.''නමුත් ප්‍රමිති තියනවා. ඒවායේදී අපට බැර ලෝහ තියනවාද එහෙම නැත්තම් ඒකේ අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය තියනවාද එහෙම නැත්තම් ඒකේ අපට හානිදායක ක්ෂ්‍රද්‍ර ජිවින් ඉන්නවාද මේවා ටික අපි අනිවාර්යෙන් බැලිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ සියලුම දේවල් අපි මේ සඳහා කරලා තියෙන්නෙ''පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතාත් මේ පිළිබඳව පැහැදිලි කළේ ය. මහාචාර්යවරයා පැවසුවේ, ලෝකයේ නැනෝ දියර පොහොර තාක්ෂණය තවම ත් ප්‍රාථමික අවදියේ තිබෙන බවත් ලංකාවේ නැනෝ දියරමය පොහොර සම්බන්ධයෙන් පරක්ෂණ සිදු කර නොමැති බවත් ය.
''ලංකාවට ගේන නැනෝ නයිට්‍රජන් කියන්නේ දියරමවය පොහොරක් ඒක නිසා මේකට දියරමය පොහොරකට තියන ප්‍රමිතීන් තමයි අනුකූල විය යුත්තේ ලංකාවේ දැනට තියන දියර පොහොරවල්වලට තියන ප්‍රමිතිය හදලා තියෙන්නේ ස්වාභාවිකව නිස්සාරණය කර ගන්නා ක්‍රමවේදවලින් හදන පොහොර සඳහා දැන් මේ නැනෝ යුරියා කියන්නේ සංස්ලේෂිත පොහොරක් ඒකේ නැනෝ පාර්ටිකල්ස් තියනවා. මං දන්නා තරමට ලංකාවේ දැනට ප්‍රමිතියක් නැහැ. මේක ගැන හරි අධ්‍යයනයක් කළ යුතුව තිබෙනවා. මේක ගැන සහතිකයක් දෙන්න නම්, ඒවගේත් තියන ප්‍රධානම කන්සර්න් එකක් තමයි මේ වගේ තියන අඩුපාඩු දියර පොහොරවල වාසි ගොඩක් තිබුණට අඩුපාඩු හරියට අවබෝධ කර ගත යුතුව තිබෙනවා. ක්ෂේත්‍රයට යොදන්න කලින්. මේවා ඕනම දෙයක් පසකට යොදන්න කලින් නිවැරදි තාක්ෂණික ඇගයීමක් කළ යුතුව තිබෙනවා. ක්ෂේත්‍ර පරීක්ෂණ මොකද නැනෝ පාර්ටිකල්ස්වලින් වෙන්න පුළුවන් හානිය සමහරවිට අපි කියනවා. දීර්ඝ කාලීන හානි සිද්ධ වෙන්න පුළුවන්''