by Staff Writer . 04-11-2021 | 7:56 PM
COLOMBO (NEWS1ST): සපුගස්කන්ද, මාබිම පාර අසල කසල ගොඩක ගමන් මල්ලක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා රාගම ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
පොලිසිය සඳහන් කළේ හෙට (05) දිනයේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි.
පසුගිය මාර්තු මාසයේදී ද,කොළඹ වේල්ල වීදියේ දී මෙවැනිම ගමන් මල්ලක තිබී හිසසුන් කාන්තා මළ සිරුරක් හමු විය.
එම අපරාධය මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර අදටත් එම සිරුරේ හිස සොයා ගැනීමට හැකි වී නොමැත.