ඉන්දියාව පළමු ජය ලබයි..

ඉන්දියාව පළමු ජය ලබයි..

by Staff Writer . 04-11-2021 | 10:50 AM

COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 66ක ජයක් හිමිකර ගත්තේ ය.

මෙය ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය වීම විශේෂත්වයකි. අබුඩාබිහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 02කට ලකුණු 210ක් රැස් කළ අතර එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ  ඉහළම ලකුණු සංඛ්‍යාව වේ . ලෝකේෂ් රාහුල් සහ රෝහිත් ශර්මා ඉන්දීය ආරම්භක කඩුල්ලට ලකුණු 140ක සබඳතාවක් ගොඩනැගුවේය. රෝහිත් ශර්මා වේගවත් ලකුණු 74 ක් රැස් කළ අතර රාහුල් ලකුණු 69 යි. ලකුණු 211ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගය අවසන් වන විට කඩුලු 07ක් දැවී ලකුණු 144ක් රැස් කරගෙන සිටියේ ය . එම ජයග්‍රහණයත් සමග ඉන්දීය කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ සිව්වැනි ස්ථානයට පත්වූ අතර ඔවුන්ට තවත් තරග දෙකක් ඉතිරි වී ඇති බැවින් අවසන් පූර්ව වටය සඳහා තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකියි.