වැඩිම කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනය හිමි සමාගම....

වැඩිම කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනය හිමි සමාගම....

by Staff Writer . 03-11-2021 | 9:45 PM

COLOMBO (NEWS1ST):  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් PLC සමාගම කොළඹ කොටස් වෙළඳපොළේ ඉහළම කොටස් වටිනාකම හෙවත් වැඩිම කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනය හිමි සමාගම බවට පත්ව තිබේ.

කොටස් වෙළඳපොළ තොරතුරු අනාවරණ කරන්නේ එම ආයතනයේ මුළු කොටස් වටිනාකම රුපියල් බිලියන 452 කට අධික බවයි. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් PLC සමාගම LOLC සමාගම් සමූහයට අයත් සමාගමකි. එහෙත් සිය මව් සමාගම වන LOLC සමාගමේ කොටස් හිමිකම් වටිනාකම අභිබවා යමින් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී එල් සී ආයතනය කොටස් වෙළදපොළේ ඉහළට පැමිණිම විශේෂත්වයකි. කොටස් වටිනාකම අනුව LOLC සමාගම පසුවන්නේ දෙවන ස්ථානයේයි. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම ලීසිං සහ ණය, ඉතුරුම්, ක්ෂුද්‍ර මූල්‍ය, රන් ණය සහ ක්‍රෙඩ්ට් කාඩ් ඇතුළු මූල්‍ය සේවා සපයන සමාගමකි.