COLOMBO (NEWS1ST): ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (03) යාපනය අර්ධද්වීපයේ නිල සංචාරයක නිරතවිය.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි යුද හමුදාපතිවරයා පිළිගනු ලැබුවේ, සම්මාන ආචාර මුරයක් පිරිනමමිනි.
අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පලාලි ගුවන් හමුදා කඳවුර වෙත ගොස් එහි භට පිරිස් ආමන්ත්‍රණය කළේ ය.
යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද රථ වාහන රැසක් බල සේනාංක වෙත ලබාදීමද පලාලිහීදී යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා 7 වන කාන්තා රේජිමේන්තුවේ කාර්යාල සංකිර්ණ විවාත කළේ, ඉන් අනතුරුවයි.
යුද හමුදාව ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පදනාගාරය ද ඔහු නිරීක්ෂණය කළ අතර එහි නිෂ්පාදන ප්‍රදේශයේ ජනතාව වෙත බෙදා දීම ද සිදු කෙරිණ.
එහිදී යුද හමුදාව ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ අදහස් දක්විමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ, අනෙකුත් යුද හමුදා කඳවුරුවලදී ද කාබනික පොහොර නිෂ්පාදනය කර උපරිම දායකත්වය ලබාදීමට ක්‍රියාකරන බවයි.
''මේ වනවිට අපට හැකියාව ලැබිලා තියනවා ලීටර් 4000 ක් දියර නිෂ්පාදනය කිරීමට මේක දින 21 ක් වැනි කාලයක් තුළ ලීටර් 4000 ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයක් මෙම අලුති අද දිනයේ විවෘත කරන්නට යෙදුනු මෙම ස්ථානයේ මින් ඉදිරියට පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඉතිරි අපට හැකි පමණින් යුද හමුදාවේ අනෙකුත් කඳවුරුවලත් මේ ආකාරයෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කරලා මේ ආකාරයෙන්ම අපි හමුදාවක් වශයෙන් කරනු ලබන රාජකාරියට අමතරව මේ සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීමට අපි ක්‍රියාකරනු ලබනවා''