පකිස්ථානය අවසන් පූර්ව වටයට

පකිස්ථානය අවසන් පූර්ව වටයට

by Staff Writer . 03-11-2021 | 11:06 AM

COLOMBO (News 1st) - පකිස්ථානය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ ය ..

ඒ, සුපිරි 12 දෙනාගේ වටයේ නැමීබියාවට එරෙහිව අබුඩාබි හිදී පැවති තරගය ලකුණු 45කින් ජය ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානයට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. නායක බාබර් අසාම් ලකුණු 70ක් රැස් කළ අතර මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 79 ක් රැස් කර ගත්තේ ය. පකිස්ථානය නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළ අතර එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් දෙවැනියට රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ . ලකුණු 190ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නැමීබියාවට නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 5ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 144ක් පමණි .