නිව් ෆෝට්‍රෙස් ගනුදෙනුවට එරෙහිව තෙල්, වරාය, විදුලි සේවකයින් උද්ඝෝෂණයේ

by Staff Writer . 03-11-2021 | 12:28 PM

COLOMBO (NEWS1ST):  යුග දනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් , වරාය, සහ විදුලිබල මණ්ඩල සේවකයින් ආරම්භ කළ උද්ඝෝෂණ මේ වන විට කොළඹ ස්ථාන 4 කදී පැවැත්වේ.

ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටත් මේ වන විට උද්ඝෝෂණය මේ වනවිට ආරම්භ වී තිබේ. අප වාර්තාකාරිණිය පැවසුවේ, විරෝධතාව සඳහා වෘත්තිය සමිති 35ක පමණ සාමාජිකයින් එක්ව සිටින බවයි.