ඇල්ල - පස්සර  මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමේ

නමුණුකුල හරහා ඇල්ල - පස්සර මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමේ

by Sagarika Chathumali 03-11-2021 | 6:52 PM

COLOMBO (NEWS1ST): නමුණුකුල හරහා වැටී ඇති ඇල්ල - පස්සර මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි. එම මධ්‍යස්ථානය රියැදුරන්ගෙන් දැනුම් දී සිටින්නේ, ඊට විකල්පයක් ලෙස පස්සර - බදුල්ල ප්‍රධාන මාර්ග භාවිත කරන ලෙසයි .