COLOMBO (NEWS1ST): චීනයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වන පොහොර සම්බන්ධ ගනුදෙනු පිළිබඳව අද (03) ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් අනාවරණයක් කළේ ය.
චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ ගනුදෙනු මේ වනවිට අර්බුදයකට පත්ව ඇත්තේ ශාක නිරෝධායන සේවය ඒවායේ අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු කිරීම හේතුවෙනි.
මෙම අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර මිලදී නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ ද මෙට්‍රික් ටොන් විසි දහසක චීන කාබනික පොහොර රැගත් නැවක් මේ වනවිට මෙරට මුහුදේ රැඳී සිටී.
එම පොහොර සඳහා අදාළ ණයවර ලිපිවලට ගෙවීම් කිරීම මේ වනවිට අත්හිටුවා ඇත්තේ කොළඹ වාණිජ මහාධිකරණය කළ නියෝගයකට අනුවයි.
නමුත් ණයවර ලිපි සඳහා ගෙවීම් කිරීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා අද අනාවරණය කළේ ය.
''ඒ කුණු කන්ද වෙනුවෙන් අපට ගෙවන්න වෙනවා. මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා කියන විදිහටම, ඩොලර් මිලියන 9 ක් කියන්නේ රුපියල් කෝටි 210 ක් . රුපියල් කෝටි 210 ක්. මහජන බැංකුවේ සල්ලි මේ පොහොර ගෙනාවත් නැතත් අපට ගෙවන්න වෙනවා. මහජන බැංකුවේ තියෙන්නේ කාගේ සල්ලිද? මේ රටේ අහිංසක ඇඹිලිපිටියේ අම්පාරේ ගොවියා කෙහෙල්කැනක් විකුණලා, අඹ ගෙඩියක් විකුණලා, වී මුට්ටයක් විකුණලා හම්බකරන සල්ලි. අපට මේ ඩොලර් මිලියන 9 ගෙවන්න වෙන්නේ, යූසීපී 600 ය කියන ජාත්‍යන්තර නීතියට අනුව, අපේ මහජන බැංකුව බැඳිලා ඉන්නවා. මේ කෝටි 210 ගෙවන්න. ජාත්‍යන්තර සම්මුතියක්. දැන් අපට ඩොලර් මිලියන 9 ගෙවන්න වෙනවා. ජයසුන්ද මහත්තයා කියනවා. මේක රාජ්‍යයන් දෙක අතර ගනුදෙනුවක් නෙවෙයි.. එහෙම නම් මොකට තානාපති කාර්යාලයට කෘෂිකර්ම ඇමතිවරයායි රාජ්‍ය ඇමතිවරයායි තකහනියක් දුවලා ගිහිල්ලා කරුණු පැහැදිලි කරන්නේ''
ඉන්දියාවෙන් නැනෝ දියර නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදීත් අක්‍රමිකතා සිදුවී ඇතැයි විජිත හේරත් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කළේ ය.
ඔහු එහිදී පැවසුවේ පෞද්ගලික සමාගමක් ආරම්භකර එහි ගිණුමකට මෙම පොහොර ගෙන්වීමට අදාළ මුදල් බැර කර ඇති බවයි.
මන්ත්‍රීවරයා අද ඒ පිළිබඳව අලුත්ම තත්ත්වය හෙළි කළේ ය.
''නැනෝ රජා ගෙන්වන්න කොච්චර සල්ලි යනවද? අපි දැක්කා. තකහනියේ ගිණුම් ආරම්භ කරලා පෞද්ගලික ගිණුම් මහජන බැංකුවේ ටවුන්හෝල් ශාඛාවේ විවෘත කරලා, ඒකට රුපියල් කෝටි 29 ක් එකපාර හදිස්සියේ දැම්මා. අද වෙනකොට පහුගිය සිකුරාදා වෙනකොට ඒ ගිණුම වහලා. දැන් ඒ ගිණුමේ සල්ලි ටික මහජන බැංකුවේ පොදු ගිණුමට දාලා. දැන් පොදු ගිණුම හරහා තමයි ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන්වලට සල්ලි ගෙවන්නේ, එතකොට පුද්ගලික ගිණුමක් විවෘත කළේ කොහොමද? රජයේ සල්ලි කොහොමද පුද්ගලික ගිණුමකට ට්‍රාන්සර් කරන්නේ? මේවා අයථා ක්‍රමවේද. ඩොලර් පන්කෝටි 29 ලක්ෂ 12500 ක්. ඒ කියන්නේ රුපියල්වලින් ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් කෝට් 1200 ක්. රුපියල් කෝටි 1200 ක වියදමක් දරණවා. අපි නැනෝ නයිට්‍රජන් ඉන්දියාවෙන් ගේන්න''