ඉන්දීය පොහොර ගනුදෙනුව ගැන පාඨලීගෙන් හෙළිදරව්වක්

ඉන්දීය පොහොර ගනුදෙනුව ගැන පාඨලීගෙන් හෙළිදරව්වක්

by Staff Writer . 03-11-2021 | 9:02 PM

COLOMBO (NEWS1ST):  ඉන්දියාවෙන් දියර නයිට්‍රජන් පොහොර ගෙන්වීමේ ගනුදෙනුවේදී කෝටි 800 ක පමණ වංචාවක් සිදුව ඇතැයි, සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඉන්දියාවෙන් දියර නයිට්‍රජන් පොහොර ගෙන්වීමේ ගනුදෙනුව පිළිබඳව අදහස් දක්විමන් මන්ත්‍රීවරයා පැවුසවේ, නැනෝ යුරියා නමින් හඳුන්වන IFFCO ලීටරයක නියම මිල ඩොලර් 7.74 ක් බවයි.
''මේ නැනෝ යුරියා නමින් හදුන්වන IFFCO කියන එහි ලීටරයක් වෙන්නේ ඇත්ත ගාණ වෙන්නේ ලීටරයක් වෙන්නේ ඩොලර් 7.74 යි. හැබැයි කියද දාලා තියෙන්නේ බිල මහින්දානන්ද මහත්තයායි. ශෂේන්ද්‍ර මහත්තයායි බිල කියද දාලා තියෙන්නේ ලීටරයට ඩොලර් 25 ක් වෙන්න දාලා තියෙනවා. එතකොට නැනෝ යුරියා කෙළියෙන් විතරක් හොරකම් කරන ගාණ කොපමණද? නීති විරෝධි ක්‍රමයට හොරකම් කරන ගාණ ආසන්නයෙන් කෝටි 800ක් .මිලියන 8000ක්. දස ලක්ෂයක් ගොවි මහත්වරුන්ගේ පවුල්වලට රු 8000 ගාණේ දෙන්න තිබුණා මේකෙන් .දස ලක්ෂ 8000ක් කොල්ල කනවා මේකෙන් . යුරියා කිලෝග්රෑම් 105ක් ඕනේ හෙක්ටයාරයකට .මේක දානවා නම් ලිටර් 1250ක් වත් ඕනේ. දැන් මේ ලක්ෂ 18ක් ගෙනල්ලා හෙක්ටයාර 1440 යි කරන්න පුළුවන්. රටේ තියෙනවා. කුඹුරු අක්කර හෙක්ටයාර අට ලක්ෂයක්. මහ කන්නේ වවන්න බලාගෙන .මොන විහිළුවක්ද මොන බොරුවක්ද මේ කරගෙන යන්නේ?''