ශ්‍රී ලංකාවේ Semi Final සිහිනය බොඳ වෙයි..

ශ්‍රී ලංකාවේ Semi Final සිහිනය බොඳ වෙයි..

by Staff Writer . 02-11-2021 | 9:34 AM

COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය එංගලන්තය ලකුණු 26 කින් ජය ගත්තේය.

සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි. ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් සමග එක් වූ නායක ඔයින් මෝගන් සිව්වැනි කඩුල්ලට ලකුණු 112 ක සබඳතාවක් ගොඩනැගුවේය . ඔයින් මෝගන් ලකුණු 40යි. වේගවත් පිතිහරඹයක නිතර වූ ජෝස් බට්ලර් පන්දු 67කින් 6 පහර 6 ක් සහ 4 පහර 6 ක්ද සමගින් නොදැවී ලකුණු 101ක් රැස් කළේය . එය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා වූ පළමු ශතකයයි. ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි. ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමග එක් වූ වනිඳු හසරංග 6 වැනි කඩුල්ලට ලකුණු 53 ක සබඳතාවක් ගොඩනැගුවේය . වනිඳු පන්දු 21කදී ලකුණු 34ක් රැස් කළ අතර දසුන් ලකුණු 26යි. එංගලන්තයේ එම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ගිලිහී ගියේ ය.