මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රචණ්ඩත්වය හා අපරාධවලට වගකිවයුත්තන් නිදැල්ලේ හැරීම අවසන් කිරීමේ දිනය අද

by Staff Writer . 02-11-2021 | 9:38 PM

COLOMBO (NEWS1ST):  ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රචණ්ඩත්වය හා අපරාධවලට වගකිවයුත්තන් නිදැල්ලේ හැරීම අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි.

මාධ්‍යවේදියා සමස්ත පුරවැසියන් වෙනුවෙන් සත්‍ය ගවේෂණය කොට හෙළිදරව් කිරිමේ තීරණාත්මක හා නිර්මාණාත්මක ක්‍රියාධරයෙකි. මාධ්‍යවේදියා ගැන විවිධ අදහස් තිබිය හැකියි. නියම මාධ්‍යවේදියා පිළිබඳව විවේචන තිබිය හැකියි. ඇතෙමුකට පිළිකුල් වුවද අතමෙක් අසතුටු වුව ද ඒ සියල්ල විඳ දරා ගනිමින් සත්‍ය වෙනුවෙන් නියම මාධ්‍යවේදියා පෙනී සිටී. අභියෝග හමුවේ සත්‍යය ලුහුබැඳ එය ජනතාවට අනාවරණය කරන ජනමාධ්‍යවේදියා ඔබේ තොරතුරු දැනගැනීමේ අයිතියත්, සත්‍යය දැන ගැනීමේ අයිතියත්,තහවුරු කරයි. සියලු පුරවැසියන් වෙනුවෙන් අවදානම ගන්නා පොදු පුරවැසියා ජනමාධ්‍යවේදීයායි. එම වෘත්තීයවේදීන්ට එරෙහි අපරාධ ගැන ලෝකයේ අවධානය යොමුවන අද දිනයේ ශ්‍රී ලංකාවේද නිහඬ කළ එවන් අභීත මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන.... ? 2009 ජනවාරි 8 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඝාතකයන් අදටත් නිදැල්ලේ .. ? 2008 මැයි 22 නේෂන් පුවත් පතේ කර්තෘ කීත් නොයාර් පැහැර ගෙන පහර දීම වැරදිකරුවන්ට මොකද වුණේ ? ? 2010 ජනවාරි 24 මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් . අදටත් ප්‍රහේලිකාවක් . ? 2005-04-29 මාධ්‍යවේදී සිවරාම් ඝාතනය. ? 2009 ජනවාරි 6 දෙපානම සිරස මැදිරි සංකීර්ණයට මැර ප්‍රහාරයක් ? 2010 මාර්තු 22  සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල ප්‍රහාරයක් . සේවකයන් කිහිප දෙනකුට තුවාල ? 2009 මාර්තු 25 යාපනයේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට අත්බෝම්බ ප්‍රහාරයක්. 2013 දී යළිත් උදයන් ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක්. ? 2010 ජූලි 30 සියත මාධ්‍ය ආයතනයටත් ප්‍රහාරයක් පරීක්ෂණවලට මොකද වුණේ ? මේ ම්ලේච්ඡ ප්‍රහාර කිහිපයක් පමණයි. මෙම ප්‍රහාරවල ඉලක්කය හුදෙක් ජනමාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන නොවේ. මේ ප්‍රහාර එල්ල වූයේ සියලු පුරවැසියන්ටයි. පුවැසියෙන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට එරෙහිවයි. අද වන් දිනක එක් කරුණක් මතක තබා ගත යුතුයි. එනම්, සත්‍ය කවදා හෝ ජය ගනී. සත්‍ය යටපත් කළ නොහැක.