COLOMBO (NEWS1ST): ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 කට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එලෙසපූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද (02)රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත විය හැකි බව මහවැලි අධිකාරිය පවසයි.
එම අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ ,කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලේ ඔය පරිහරණය කිරිමෙන් වළකින ලෙසයි.