.webp)
COLOMBO (NEWS1ST): වෙළෙඳපොළේ යළිත් ගෑස් සහ සිමෙන්ති හිඟයක් ඇති වීම හමුවේ, ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටී.
පසුගිය දිනවල ගෑස් සහ සිමෙන්ති මිල වැඩි කිරීමට අවස්ථාව ලබා දුන්න ද තවමත් වෙළඳපොළේ සැපයුම යථා තත්ත්වයට පත්ව නොමැත. සිමෙන්ති නොමැතිව බලපෑමට ලක්ව ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රය පමණක් නොව සිමෙන්ති භාණ්ඩ නිෂ්පාදනකරුවෝත් මේ වනවි අසරණ තත්ත්වයකට පත්ව සිටිති. මේ සිමෙන්ති භාණ්ඩ නිෂ්පාදනකරුවන් පළ කළ අදහස්....''වැඩි මිලකට අරන් මේ කණු නිෂ්පාදනය කළත්. එය අපේ මිලකට දීගන්න අපහසුයි'' ''හැමෝටම කීයක් හරි අතට හම්බුකරගන්න තියෙන මාර්ගය ඇහිරිලා තියෙනවා. මේ සිමෙන්ති හිඟය නිසා. තිබුණත් අධික මිලකට තමයි විකුණන්න තියෙන්නේ'' ''මම ගල් ඕඩර් එකක් භාර අරන් තියෙනවා. රු. 45-48 තමයි භාර ඇන් තියෙන්නේ. නමුත් රු.55 මේ සිමෙන්ති ගණන් හැටියට ගල් දීගන්න බැහැ. මං ඕඩර් එක ගත්ත නිසා අතින් පාඩුවට හරි මේක කරන්න වෙනවා''දෛනික වැටුපට වැඩ කරන්න ගමෙන් කොළඹට පැමිණි කම්කරුවොත් දැන් අසරණ බවට පත්ව ඇත.
''ගෙවල්වල ඉන්නත් බැහැ පොහොර නැහැ . අපේ කොටුවේ අල දාලා තියෙනවා හැබැයි අලවලට දාන්න පොහොර නැහැ. සිමෙන්ති නැතුව මේ ජොබ් එකත් නැහැ. ගමේ ගිහිල්ලා එළවළු කොටුවක් හරි කරන්න ඕනේ ඒක කරන්නත් පොහොර නැහැ''මේ අතර වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය පිළිබඳව සිමෙන්ති ආනයනකරුවන් අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත් සමග සාකච්ඡාවක් පැවැත්විය. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ආනයනයකරුවන් පැවසුවේ, පාලන මිල ඉවත් කිරීමත් සමග සියලු ආනයනකරුවන් අදාළ අනවුම් කිරීම ආරම්භ කර ඇති බවත් තවත් මාසයක් ඇතුළත් මෙම තත්ත්වය සමනය වනු ඇති බවත් ය. මේ අතර ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් සැපයුම යථා තත්ත්වයට පත්කරගැනීමට අපහසු වී ඇති බව ලාෆ් සමාගම පවසයි. ලිට්‍රෝ සමාගමේ ගෑස් සැපයුමත් මේ වන විට පවතින්නේ අඩු මට්ටමකයි. ගෑස් නැති නිසා ජනතාව විකල්ප සොයමින් සිටී. ඔරුගොඩවත්ත , මාවැනැල්ල හා ගම්පොල ඉන්ධන පිරවුම්හල් අසල අද ජනතාව පෝලිමේ සිටියේ භූමිතෙල් මිලදී ගැනීම සඳහායි.
''ගෑස් නැති හින්දා මහත්තමයා මේ දුක. ගෑස් තියෙනව නම් අපි'' ''මෙහෙම පෝලිම් ගස්සන්නේ නැතුව දෙන්න කියන්න ජනාධිපතිලට. ඡන්දේ ගත්තේ ඕවා කියලා නෙමෙයි නේ'' ''සංවත්සර සමරනවට වැඩිය බලන්න ඕනේ මේ ජනතාව විඳින දුක. මේ අම්මලා කකුල් කැපිලා, මෙතනට වෙලා ඉන්නේ. මුන්ට හෙන ගහනවා මේ කරන වැඩවලට'' ''එක රටකට එක නීතියක් කියලා ඊයේ කියනවා. ඕකද නීතිය? පොලිසියෙන් ආවහම ඒගොල්ලන්ට වෙනම ස්ටාෆ් එකෙන් කියලා පිටිපස්සෙන් ගෙනියනවා. මොකක්ද මේ තේරුම?''