by Staff Writer . 02-11-2021 | 8:47 PM
COLOMBO (NEWS1ST): තමන් ආනයනය කළ ගෑස් රැගත් නෞකා වරාය වෙත ළඟා වී ඇතැයි, ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
එම සමාගම සඳහන් කළේ, බෙදා හැරීමේ ප්‍රමාදයක් හේතුවෙන් මේ වනවිට වෙළඳපොළේ තාවකාලිකව ගෑස් හිඟයක් මතුව ඇති බවයි.
මේ වනවිට සිලින්ඩර් මුදා හැරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි, නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී චමනි පතිරගේ මහත්මිය මහත්මිය පැවසුවා ය.