තවත් කොරෝනා මරණ 10 ක්

කොරෝනා මරණ සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 02-11-2021 | 5:41 PM

COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 10 ක් අද (02) වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් කාන්තා සහ පිරිමි ආසාදිතයින් වාර්තා වී ඇත්තේ, 5 දෙනා බැගිනි. මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තා ආසාදිතයෙකු ද වේ. වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 1අයෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 8 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (02) වාර්තා කරන ලද මෙම මරණ 10 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.