
ශ්‍රී ලංකාවේ Semi Final සිහිනය බොඳ වෙයි..
ශ්‍රී ලංකාවේ Semi Final සිහිනය බොඳ වෙයි..
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය එංගලන්තය ලකුණු 26 කින් ජය ගත්තේය.
සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි.
ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් සමග එක් වූ නායක ඔයින් මෝගන් සිව්වැනි කඩුල්ලට ලකුණු 112 ක සබඳතාවක් ගොඩනැගුවේය .
ඔයින් මෝගන් ලකුණු 40යි.
වේගවත් පිතිහරඹයක නිතර වූ ජෝස් බට්ලර් පන්දු 67කින් 6 පහර 6 ක් සහ 4 පහර 6 ක්ද සමගින් නොදැවී ලකුණු 101ක් රැස් කළේය .
එය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා වූ පළමු ශතකයයි.
ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමග එක් වූ වනිඳු හසරංග 6 වැනි කඩුල්ලට ලකුණු 53 ක සබඳතාවක් ගොඩනැගුවේය .
වනිඳු පන්දු 21කදී ලකුණු 34ක් රැස් කළ අතර දසුන් ලකුණු 26යි.
එංගලන්තයේ එම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ගිලිහී ගියේ ය.
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි