COLOMBO (NEWS1ST): ආණ්ඩුවට ජනතාව ජන වරම ලබාදුන්නේ, බාල පොහොර ගෙන්වීමට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටී.
ශාඛ නිරෝධායන ඒකකය අහිතකර බැක්ටීරියා ඇති බව සහතික කිරීමෙන් පසු හරයා යැවූ පොහොර නැව යළි මෙරටට එවීමට තරම් විදෙස් රටවල් කෙතරම්දුරට උද්දච්ච වී ඇති දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටී.
තව ද රටේ නමක් දිනා ගත් ප්‍රමුඛතම බැංකුවක් චීනය අසාදුලේඛනගත කිරීමේදී චීන තනාපතිවරයාට එය නිවැරදි නොවන බව පහදා දීමට තරම් අණ්ඩුවට ශක්තියත් නොතිබුණේ මන් ද යන්නයි..
''සාම්පල් ගණනාවක් අසමත් වෙලා ෆෙල්වේලා මේ රටේ ශාඛ නිරෝධායන ඒකකය නරකයි කියපු ඒ බාල පොහොර නැව අපි හරවලා යැව්වා. බලන්න විදේශ රටවල්වල තියෙන උද්දච්චකම, බලන්න ඒ අය කොහොමද බලය පාවිච්චි කරන්නේ කියලා. හරවලා යවපු නැව ආපහු එවලා තියෙනවා. ඒ රටේ තානාපති කාර්යාලයක කර්මෂල් ඇටැචි අපේ රටේ මහා පහන් ටැබක් වූ මහජන බැංකුව කළු ලැස්තුවකට නම යොමු කරන කොට මං දන්නෑ මුදල් ඇමතිතුමා කියනවා. එයා දන්නේ නෑ කියලා. මේ ආණ්ඩුවට කොන්දක් නැද්ද? කළු ලැස්තුවකට මහජන බැංකුව නම් කරනකොට මේ චීන තනාපති කාර්යලයේ තානාපතිතුමා ගෙන්නලා මෙහෙම දෙයක් කරන්න එපා එක වැරදියි බාල පොහොරවලට අපිට ගෙවන්න බෑ. බාල පොහොර ගෙන්නන්න නෙවෙයි ජන වරම ලැබුණේ කියලා. කතා කරන්න බැරිද?''
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
https://www.youtube.com/watch?v=kGPZhjHqPnA