''මටත් ඕන, හැප්පෙනව නම් හැප්පෙන්න ලොකුම මිනිහෙක් එක්ක'' - හරීන්

by Staff Writer . 01-11-2021 | 9:38 PM

COLOMBO (NEWS1ST):  සිර දඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ, රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙකු බවයි.
''ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඔන්නම් එක කරනන් පුළුවන්. ඔබතුමා කැමති නම් මම මගේ ජාතික ලෑයිස්තුවේ පුටුව අත අරින්නම් රංජන් රාමනායකට නිදහස දෙන්න කියලා. මං එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම ඉල්ලීමක් කරන්නෙ, මන්ත්‍රි පුටුවක් ඕනේ නෑ මේ සටන කරන්න. හැබැයි රංජන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා''
සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ, වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. තමන් ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණියේ, බදුල්ලේ ජනතාව සමග අමනාපයකින් නොවන බව සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාට අභියෝගයක් ද කළේ ය.
''ගම්පහ දිස්ත්‍රික්කෙට එන්නේ බදුල්ලේ මිනිස්සුත් එක්ක තියන තරහට නෙවේ මම දවස ලංකාවේ තැනකොට ගියහොත් බදුල්ල මිනිස්සුන්ට සේවයක් නොවේද? ඒ නිසා මම විස්වාස කළා. අපි ඉන්න පොඩි දිස්ත්‍රික්ක ල සිටියාම අපි නිකන් දිස්ත්‍රික්ක මට්ටමට වැටෙනවා. ඒ නිසා මටත් ඕනේ තව අවුරුදු 18 යි තියෙන්නේ ගහනවා. නම් ගහන්න ලොකුම ගේමක්. හැප්පෙනවා. නම් හැප්පෙන්නේ ලොකුම මිනිහෙක් එක්ක. ඒ නිසා මම බැසිල් රාජපක්ෂ මහත්තයාට කියනවා. ශෂේන්ද්‍රට ගහලා අපු මම ඔබතුමාටත් ගම්පහ දිස්ත්‍රික්කයේ අභියෝග කරනවයි කියන එක මං බය නැතුව කියනවා''