ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff Writer . 01-11-2021 | 7:50 AM

COLOMBO (NEWS1ST):  සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇතැයි, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

මේ අතර අන්තර් පළාත් කාර්යාලයීය දුම්රිය සේවා අද (01) සිට ආරම්භ කෙරිණ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, රජය විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දුම්රිය ධාවනය කරන ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.