by Staff Writer . 01-11-2021 | 10:21 PM
COLOMBO (NEWS1ST): ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමට ඉන්දීය ගුවන් හමුදාවේ සහය ලබාගැනීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා අද පැවසුවේ, මුහුදු මගින් පොහොර ගෙන්වීමේදී සිදුවන ප්‍රමාදය නිසා ඉන්දීය ගුවන් හමුදාව සමග සාකච්ඡා කර කර ගුවන් මගින් පොහොර ගෙන්වීමට කටයුතු කරන බවයි.
තව ද සතියක් ඇතුළත ලංකාවේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතට නැනෝ නයිට්‍රජන් පොහොර පිටත් කර හැර අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.