චීන පොහොර නැවට මොක ද වුණේ?

චීන පොහොර නැවට මොක ද වුණේ?

by Staff Writer . 01-11-2021 | 10:53 PM

COLOMBO (NEWS1ST):  ඉන්දියාවෙන් දියර නයිට්‍රජන් ගෙන්වීමට ගුවන් හමුදා සහය ගනිද්දී චීනයෙන් කාබනික පොහොර රැගෙන පැමිණි නැවට මොකද වුණේ?

අදත් මේ නැව ජාත්‍යන්තර නාවික ගමනා ගමන දත්ත පිළිඹිබු කරන පද්ධති තුළ යාවත් කාලීනවී නොමැත. එය අවසන් වරට මෙම චන්ද්‍රිකා දත්ත පද්ධතිවල පසුගිය 24 වනදා හම්බන්තොට ආශ්‍රිත මුහුදේ දිස්විය. ඒ වනවිට හිපෝ ස්ප්‍රිට් නමැති නැවේ නම සෙයියෝ එක්ස්ප්ලෝරර් ලෙස වෙනස්කර තිබිණ. 24 වනදා නැව දිස්වූයේ හම්බන්තොටට නුදුරින් යාල ජාතික වනෝද්‍යානයට ආසන්න ගොඩ බිමට නාවික සැතපුම් 4.18 ක් තරම් සමීපවයි. ඊයේ දිනය වනවිට නැවේ ගමන් මාර්ගය නැවතත් චන්ද්‍රිකා දත්ත පද්ධතිවල සඳහන් කර තිබූ අතර එහි නමද හිපෝ ස්ප්‍රිට් ලෙස නැවතත් සඳහන් කර තිබිණ. නමුත් නැව දැන් ඇති නිශ්චිත ස්ථානය සොයා ගැනීමට හැකියාවක් නොමැත.