තවත් කොරෝනා මරණ 17ක්...

කොරෝනා මරණ සංඛ්‍යාව 13,760 ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 01-11-2021 | 7:56 PM

COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 17 ක් අද (01) වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,760 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 6 දෙනා කාන්තාවන් ය. වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 6දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 11 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (01) වාර්තා කරන ලද මෙම මරණ 17 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.