කුඹුක්කන් ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමක්

කුඹුක්කන් ඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමක්

by Sagarika Chathumali 01-11-2021 | 6:27 PM

COLOMBO (NEWS1ST):  මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය ආශ්‍රිතව පහත්බිම් ප්‍රදේශවලට අද (01) රාත්‍රියේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, නක්කල, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ප්‍රදේශවල කුඹුක්කන් ඔයට ආසන්නව පදිංචි ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි. තව ද ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.