කාලගුණය අයහපත්... තවදුරටත් ධාරාණිපාත වැසි

කාලගුණය අයහපත්... තවදුරටත් ධාරාණිපාත වැසි

by Sagarika Chathumali 01-11-2021 | 5:10 PM

COLOMBO (NEWS1ST): බස්නාහිර, සබරගමුව, මධ්‍යම,උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මන්නාරම, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව ඇතැම් ස්ථානවලට මි.මී. 100mm ට වැඩි තද වැසි ද ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති. ඉදිරි පැය 24 සඳහා අද (01) දහවල් 12.00 නිකුත් කළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බවයි.