by Staff Writer . 01-11-2021 | 11:08 PM
COLOMBO (NEWS1ST): ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවා ඇත්තේ පාර්ලිමෙන්තු අනුමැතියකින් තොරව බව ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකින් හෙළිව තිබේ.
2020 වසරේ මාර්තු 18 වනදා ස්ථාපනය කළ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලට මේ වසරේ සැප්තැම්බර් 6 වෙනිදා වන විටත් පාර්ලිමෙන්තුවේ අනුමැතිය ලබා ගෙන නොතිබිණ.
ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවිමේ අපේක්ෂිත අරමුණ විය යුත්තේ, ලෝක වෙළද පොළේ ඉන්ධන මිල වෙනස් විමේ බලපෑමෙන් මෙරට ඉන්ධන පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමයි.
එසේ වුවද සිදුවි ඇත්තේ අපෙක්ෂිත අරමුණින් පරිබාහිරව විදුලි බල මණ්ඩලයේ ප්‍රාග්ධන දායකත්වයක් ලෙස අදාළ මුදල් ලබා දීම බව විගණන පරීක්ෂණයේදී හෙළි වි තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තීරුබදු, අයබදු ඇතුළු සියලු ආදයම් මගින් රජය වෙත ලැබෙන ආදායම, එකාබද්ධ අරමුදලට බැර විය යුතු ය.
2020 මාර්තු 14 සිට ඉන්ධන මිල මත අය කර ඇති අය භාරය එලෙස බැර නොකර ව්‍යවස්ථාපිත නොවන මෙම අරමුදලකට බැර කර ඇතැයි විගණන වාර්තාවේ දැක්වේ.
එබැවින් මෙම අරමුදල සඳහා කඩිනමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බව විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.