COLOMBO (NEWS1ST): ආණ්ඩුවේ තත්ත්වය මැන ගැනීමට නම්, මෙම අවස්ථාවේ සුදුසුම ක්‍රියාමාර්ගය කඩිනම් මැතිවරණයකට යාම බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
''ඇයි මේ ගොවියෝ පාරට බැහැලා කෑ ගහන්නේ. මොකක්ද මේකේ අරමුණ. මේක හොයන්න ඕනි ආණ්ඩුවක් තිබෙනවා නම්, මම නම් හිතනවා. මේක බැමිණිතියාසායක් වගේ පත්වෙයි කියලා. මට නම් හිතෙන්නේ. මමත් කියනවා බොහොම ඉක්මනින් ඡන්දයකට යන්න. ආණ්ඩුවේ කෙරුවාව , ආණ්ඩුවේ තත්ත්වය , මිනිස්සු ඉන්නේ කොතනද හොඳට මැන ගන්න වෙන මොකක්වත් ඕනි නැහැ''
පොහොර ගැටලු කළමනාකරණය නොකිරීමේ විපාක හා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන අදහස් පළ කරමින් ආනන්ද හිමියන් පැවසුවේ, ආණ්ඩුවේ තීන්දු තීරණ මඩේ හිටවා ඇති ඉනි මෙන් බවයි.
''මේ ආණ්ඩුව උදේට ගන්නවා. තීන්දුවක් තීරණයක් ඒක දවල් වෙනකොට වෙනස් වෙන වෙලාවල් තියනවා. දවල්ට ගන්නවා තීන්දුවක් ඒක රෑට වෙනස් වෙනවා. මේක මඩේ හිටවපු ඉන්න වගේ. එක වරටම සීනි ටික වැඩි වුණා. පිටි ටික වැඩි වුණා. ගෑස් ටික වැඩි වුණා. අද සිමෙන්ති ගන්න සිමෙන්ති පෝලිමකුත් ආවා. පාලකයෝ තුට්ටුවකටවත් මේවා ගණන් අරගෙන නැහැ''