බස්නාහිර එන්නත නොගත් යාචකයින් සොයා මෙහෙයුම්..

බස්නාහිර කොරෝනා එන්නත නොගත් යාචකයින් සොයා තවදුරටත් මෙහෙයුම්..

by Staff writer 31-10-2021 | 4:43 PM

COLOMBO (NEWS1ST) : බස්නාහිර පළාත තුළ කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් යාචකයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මෙහෙයවීමෙන් ය. මේ අතර ඊයේ පැය 7 කට ආසන්න කාලයක් බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුමකදී කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් යාචකයින් 77 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පොලිසිය පැවසුවේ ය. පොලිසිය සඳහන් කළේ, ඒ අතරින් 22 දෙනෙකු සඳහා පළමු එන්නත් මාත්‍රාව ඊයේ ලබා දුන් බවයි. මෙහිදි බස්නාහිර පළාතේ යාචකයින් 541 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර ඔවුන් අතරින් 464 දෙනකු එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇතැයි ‍පොලිසිය සඳහන් කළේ ය.