නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කෙරේ

නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කෙරේ

by Sagarika Chathumali 31-10-2021 | 10:52 PM

COLOMBO (NEWS1ST):  පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ,  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මෙලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටිමේ මෙම නිවේදනය හෙට (01) රාත්‍රි 9.00 දක්වා බලපැවැත්වෙනු ඇති.